විදේශ අමාත්‍ය අලී සබ්රි පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග UN සංචාරයකට එක්වූ බව කවුරුත් දන්න කරුණක්.
ඒත් සමගම සමාජ ජාල වල පුවත් මවන්නක් වූයේ අලී සබ්රි ඒ සදහා තම පුත්‍රයාව එක්කර ගෙන තිබීමයි. ඒ ගැන ගොඩක් දෙනා විරෝධය පළකරමින් අදහස් පළ කළා
කෙසෙවෙතත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙවැනි කරුණු පැහැදිලි කිරීමක් කර තිබුණා.
විදේශ අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ඉහළ මට්ටමේ කටයුතුවලට සහය වීමේ මගේ වගකීමක් එසේම UNGA සහ Washington DC කරන වැඩ කාලසටහනක් අනුව සිදුවෙනවා. පොදු අවස්ථා තුනක්, සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික රැස්වීම් රාශියකට සහභාගී වීමට සිදුව තිබෙනවා.
මට ඇති අමාත්‍ය බලතල අනුව මගේ වැඩ ඉටු කිරීමට සහාය වීම සඳහා, ගෙවන පදනමින් සහ ස්වේච්ඡා දායකයින් යන දෙඅංශයෙන්ම සමන්විත කාර්ය මණ්ඩලයක් පවත්වා ගත හැකියි. මේකින් පාඩුවක් වෙන් නැහැ. අප සෑම කෙනෙකුටම ප්‍රතිලාභ ලැබේ. මගේ පුතු කාලයක් තිස්සේ මගේ ඉල්ලීම පරිදි තාවකාලික, ස්වේච්ඡා පදනමක් මත පර්යේෂණ සහකාරවරයෙකු සහ කෙටුම්පත් ලේඛකයෙකු ලෙස මට සහාය වී ඇත. ඔහු දැනට එක්සත් ජනපදයේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යන කෙනෙක්. එබැවින් UNGA සමයේදී, දින කිහිපයක් සඳහා ඔහුගේ කාලය සහ විශේෂඥ දැනුම ලබා දීමට ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඔහුට වැටුපක් වෙන්කර නැහැ.
මෙම තීරණාත්මක කටයුතු සඳහා මා සූදානම් කිරීමට ඔහුගේ දායකත්වය මට උපකාර වූ බව පිළිගැනීමට මම සතුටු වෙමි.
වැදගත්ම දෙය නම්, ඔහු වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක්වත් වියදම් කර නොතිබීමයි.”
පුතාව UN එක්ක ගිය අලී සබ්රි කරුණු පහදයි
-
By editor
- September 23, 2023
- 0
- 113 Views
You Might Also Like
-
December 3, 2023
C.D වික්‍රමරත්නට ලොකු තනතුරක්
-
December 2, 2023
නත්තලට එකතු වෙන අලුත් බදු
-
December 1, 2023
ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්