පෙම්සුවේ ඡායාරූප ප්‍රසිද්ධ කළ භික්ෂුවකට වැඩ වරදී

  • By editor
  • August 4, 2023
  • 0
  • 155 Views

තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වමින් ඇගේ නිරුවත් පින්තූර සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා ලද භික්ෂුවකට බරපතළ වැඩ සහිතව මාස හයක සිර දඩුවම් නියම කර එම දඬුවම් වසර පහකට අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

මෙසේ දඬුවම් නියම කර ඇත්තේ කළුතර පයාගල මලේගොඩ පිහිටි විහාරස්ථානයක වැඩවෙසෙන 26 හැවිරිදි හිමිනමකටය.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි අදාල තරුණිය විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබුණේ සමාජ ජාල ඔස්සේ මෙම භික්ෂුව හඳුනාගන්නා ලද බවත් භික්ෂුවක් බව තමන් නොදන්නා බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *