පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිගේ හොර වැඩක් එළිවෙයි

  • By editor
  • August 1, 2023
  • 0
  • 219 Views

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති රොෂාන් පෙරේරා නිසා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සෞදි රජයෙන් සමාව ඉල්ලීමට සිදුවී ඇත.

ඊට හේතුවී ඇත්තේ සෞදියේ ඉදිකරන දැවැන්තම නගර ව්‍යාපෘතිය වන නියෝම් සිටි ව්‍යාපෘතියේ කොහුබත් සැපයීමේ කොන්ත්‍රාක්කුව ලංකාවට ලැබී ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වන මෙ ආයෝජනය පිළිබද සොයා බැලීමට සෞදි රජයේ විශේෂ නියෝජිතයින් තිදෙනෙකු මෙරටට පැමිණ තිබේ. එම විශේෂ නියෝජිතයින්ට බලපෑම් කරමින් වෙනත් කොහුබත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පෙන්වීමට පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සෞදි තානාපති කාර්යාලයේද ඉල්ලීම මත කර්මාන්ත අමාත්‍යාංශයෙන් වෙනම පරීක්ෂණයක්ද පැවැත්වූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞදි රජයෙන් සමාව ගැනීමට ලක් රජයට සිදුවූ බවද ඔහු අවධාරණයය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *