පොලිස්පතිගෙන් චක්‍රලේඛයක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක්

  • By editor
  • February 28, 2024
  • 0
  • 98 Views

යම්කිසි පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පුද්ගලයෙක් පොලීසියට ගෙන්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සියලු කරුණු ඔහුට දැනුම් දෙන විධිවිධාන අඩංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (27) පොරොන්දු වී ඇත.

බලශක්ති විශේෂඥ එම්.පී. රළපනාව මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව ඊට අදාළ නඩුව කැදවනු ලැබූ අතර එහිදී පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා ඒ බව අධිකරණයට දන්වා සිට ඇත.

පෙත්සම්කාර බලශක්ති විශේෂඥ එම්.පී. රළපනාව මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් විදුලි බල මණ්ඩලයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් තමන් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ගැනීමට පොලීසියට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දුන් බවද සඳහන් කර තිබේ.

ප්‍රකාශයක් ගැනීමට තමන් පොලීසියට කැඳවීම තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවත් එය නීතියට පටහැනි බවත් ඉන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශයක් කරන ලෙසත් ඉල්ලා සිටින පෙත්සම්කරු මෙවැනි අවස්ථාවකදී පොලිසිය අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *