පොලිස්පති කෙනෙක් නැතිව වැඩ කරන්නේ මෙහෙමයි – මාධ්‍ය ප්‍රකාශක පහදයි

  • By editor
  • November 27, 2023
  • 0
  • 106 Views

මේ වනවිටත් ශ්‍රී ලංකා පොලිසියට පොලිස්පතිවරයෙකු පත්කර නැතත් පොලිසියේ රාජකාරි සාමාන්‍ය පරිදි සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව දැනට දින කිහිපයකට පෙර අවසන් කළ නමුත් තවමත් ඒ සදහා කිසිවෙක් පත්කර නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඊට අමතරව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන විසින් එම කටයුතු අධීක්ෂණය කරන බවත් පළාත් නවයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරැන් විසින් ඒවායේ පරිපාලන කටයුතු සිදුකරමින් තිබෙන බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *