දේශබන්දුට – නිලන්තට පොලිස්පතිධූරය දෙනවාට කාදිනල් විරුද්ධ වෙලා

  • By editor
  • July 1, 2023
  • 0
  • 162 Views

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් යන අය පත් කිරීමට සලකා නොබලන ලෙස කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

ඊට හේතුව වශයෙන් දන්වා ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ඔවුන් කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කතෝලික ජනතාව තුළ කලකිරීමක්‌ පැවතීමය.

කාදිනල් හිමියන් වැඩිදුරටත් දන්වා ඇත්තේ බුද්ධි අංශය ප්‍රධානී ලෙස එවකට සිටි නිලන්ත ජයවර්ධන අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බවත් දේශබන්දු තෙන්නකෝන් අදාල තොරතුරු දැනගත් පසු ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන පණිවුඩකරුවකු ලෙස කටයුතු කර ඇති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම වාර්තා අනුව අනාවරණය වී  තිබූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *