පොලිස්පති පත්කිරීමට ඇගිලි ගහන්න එපා – ආනන්ද හිමිගෙන් කාදිනල්ට අනතුරු ඇගවීමක්

  • By editor
  • July 1, 2023
  • 0
  • 69 Views

පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

ඒ සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය යුතු බැවින් කුමන හෝ ආගමික නායකයකු ඒ සඳහා කරන බලපෑම් සුදුසු නොවන බවද උන් වහන්සේ කියති.

පොලිස්පති ධුරයට නිල නිලධාරින් කීපදෙනකු නම්කරමින් එම අය එම ධුරයට පත්නොකරන ලෙස කාදිනල්තුමා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බව දැනගන්නට ඇතැයි සඳහන් කරන නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ ඒ නිදහස ජනාධිපතිවරයාට දී ආගමික නායකයන් ඉන් බැහැරවිය යුතුයැයිද පෙන්වා දී තිබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *