මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් අද දිනයේදී සමාව අයැද ඇති බව වාර්තා වේ.
ඒ මව්බිම පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙනි.
“ශවේන්ද්‍රට පොහොට්ටුවෙන් ලොකු විරෝධයක්“යන සිරස්තලය යටතේ පළවී තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මෙලෙසෙ සමාව අයැද ඇත.
මෙම ප්‍රවෘත්තිය ලියා ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ මැයි 9 වැනි දිනෙන් පසුව පැවති ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුවේ නිර්දේශ පදනම් කරගනිමිනි. එහෙත් මෙම ප්‍රවෘත්තිය සිය උවමනාව මත ලියා පළ නොකළ බවත්, මේ ගැන සොයා බලන බවත් අමාත්‍යවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට දැනුම්දී තිබේ.
මව්බිම පුවත්පතේ හිමිකරු වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ය