පොලිස් කාන්තාවගේ මෝටර් රථයට OIC බිලි

  • By editor
  • November 4, 2023
  • 0
  • 139 Views

අඹන්පොල පොලීසියේ සේවය කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියක පැදවූ මෝටර් රථයක ගැටී කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර ත‍්‍රිකුණාමල මාර්ගයේ වේල්කුලම ප්‍රදේශයේ දී ඔහු යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබීමෙන් පසුව අනුරාධපුර රෝහලට ඇතුළත් කර දින ගණනක් ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද දිනයේ මරණයට පත්වූ බව රෝහල සඳහන් කරයි.

අනතුර සිදු කිරීම සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ අඹන්පොල පොලීසියේ සේවය කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියක අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *