නියෝජ්‍ය පොලිස්පතිවරු 08දෙනකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් 12 දෙනකුට ජාතික පොලිස් කොමිසමේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.
ඒ අනුව පහත පරිදි එම නිලධාරීන් වෙත ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.
පොලිස් ප්‍රවාහන හා සන්නිවේදන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන පොලිස් මූලස්ථානය භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, බස්නාහිර පළාත් දකුණු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය ප්‍රවාහන හා සන්නිවේදන දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, කිලිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් පරිසර ආරක්ෂණ සහ මහජන සාමය කළමනාකරණ දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල අපරාධ දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, පොලිස් මූලස්ථානය භාර පොලිස් ප්‍රධානී සමන්ත ද සිල්වා වන්නි දිසාව භාර පොලිස් ප්‍රධානී ලෙසත්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර වන්නි දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, බදුල්ල කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි සුජිත් වෙදමුල්ල පොලිස් නාවික හා සංචාරක දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, කොළඹ දකුණ කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ගයාන් මාරපන බස්නාහිර පළාත් දකුණ කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙසත් පත්කර ඇත.
මේ හැරුණු කොට ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.ඩබ්ලිව්.ජී.ආර්. කන්දෙවත්ත බදුල්ල කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, කුලියාපිටිය කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින නෙරන්ජන් අබේවර්ධන කොළඹ දකුණ කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, ඇල්පිටිය පොලිස් අධිකාරී එම්.එම්. කුමාරසිංහ කුලියාපිටිය කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, ගාල්ල පොලිස් අධිකාරී උපුල් සෙනෙවිරත්න කිලිනොච්චිය කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙසත් පත්කර තිබේ.