පොලිසියට බලපෑම් කළ DIG වසර 05ක් සිරගෙට

  • By editor
  • September 25, 2023
  • 0
  • 274 Views

ඇමති ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් පෙනී සිට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට බලපෑම් කල බව කියන සබරගමුව පලාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 5ක සිරදඬුවමක් නියම කර තිබේ

අදාළ නඩුව රත්නපුර මහාධිකරණය හමුවේ විභාග කිරීමෙන් අනතුරුව මෙම දඩුවම නියම කර ඇත.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ කහවත්තේදී මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නැයි කහවත්ත පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *