පොලිසියේ 10 ක් රෝහලේ – හේතුව මෙන්න

  • By editor
  • September 7, 2023
  • 0
  • 137 Views

ආහාර විෂවී පයාගලපොලිස් නිලධාරීන් දස දෙනෙකු රෝහල් ගතකළ බවට තොරතුරු වාර්තා වේ.

ඊයේ (06) රාත්‍රියේ හතු සමඟ රාත්‍රි ආහාරය අනුභව කළ මොහොතේ පටන් මෙම පිරිසට වමනය,බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ මතු වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා වන උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා මෙන්ම පොලිස් කාන්තාවන් මෙන්ම කොස්තාපල්වරුන් ද සිටී.

මේ වන විට නාගොඩ රෝහලේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා පොලිස් කාන්තාවක සහ කොස්තාපල්වරයෙකු පමණක් ප්‍රතිකාර ලබන බවත් සෙසු අය ප්‍රතිකාර ගෙන ඊයේ (6) රාත්‍රියේ ම පිට වී ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *