පොලිසිය ගැන පැමිණිලි කරන්න අංකයක්

  • By editor
  • October 17, 2023
  • 0
  • 65 Views

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක් හදුන්වා දී තිබේ.

ඒ අනුව 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවය.

එම අංකය හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව දැනුම්දීමක් සිදුනොකර අදාළ තොරතුරු ලබාදීමට ද හැකියාව පවතී.

දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය වැනි තොරතුරු ද එම අංකය හරහා ලබාදිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *