පොස්පේට් නිධිය බලන්න ගිය ජාතික ජන බලවේගයේ පරිසරවේදීන්ට හූ තබා එළවලා

  • By editor
  • August 16, 2023
  • 0
  • 122 Views

ජාතික ජන බලවේගයේ පරිසරවේදී සංවිධානයට සේවකයින් පිරිසක් හූ කියමින් පළවා හැර තිබේ.

එප්පාවල ලංකා පොස්පේට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එම පිරිස ඊයේ (15) පැමිණි අවස්ථාවේදී එහි සේවකයෝ හූ කියමින් මෙලෙස දැඩි විරෝධය පළ කර තිබේ.

එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, පරිසරවේදීන් සමඟ ගොවි සංවිධානවල සහ සිවිල් සංවිධාන නියෝජිතවරු ද සහභාගී වී සිටියහ.

එම ස්ථානයට පැමිණි පරිසරවේදීන්ට ආයතන පරිශ්‍රය තුළට ඇතුළුවීම සඳහා අවස්ථාව ලබාදීමට නොහැකි බව එම ආයතනයේ ආරක්ෂක නිලධාරීන් පවසා සිටි අතර, ප්‍රධාන පිවිසුම් ගේට්ටුව ද වසා දමා තිබේ.

කෙසෙවෙතත් එහිදී ඇති වූ උණුසුම් තත්වයෙන් අනතුරුව පොලිසිය මැදිහත් වී අදාළ පිරිස ඉවත් කිරීමට කටයුතු කර ඇත. එහිදී සේවකයින් පිරිසක් මෙලෙස හූ විරෝධය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *