පොහොට්ටුවෙ පළමු වෙඩිල්ල ලංසා පත්තු කරයි

  • By editor
  • July 23, 2023
  • 0
  • 80 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තුවේ දැනට ස්වාධීනව සිටින මන්ත්‍රී පිරිසකගේද එකමුතුවෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා නිල කාර්යාලයක් රාජගිරියේ දී මෙම සතියේදී ආරම්භ කිරීමට නියමිතය.

අනුර ප‍්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ද මෙම නව දේශපාලන සන්ධානයට එක් වීමට නියමිත බවට ද වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වී කටයුතු කරන මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මෙම නව දේශපාලන ව්‍යාපාරික එක්වීමට නියමිතව ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහට සහාය පල කිරීමටද මෙම පිරිස කටයුතු කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *