පොහොට්ටුවේ නයකත්යෙන් මහින්ද ඉවත් කිරීමේ සූදානමක්

  • By editor
  • October 2, 2023
  • 0
  • 157 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් කඩිනමින් සිදු කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇතිබව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ වන විට පක්ෂයේ නායකයා ලෙස සැලකෙන, එහෙත් මේ වන තෙක් නිල වශයෙන් නායකත්වයක් ලබා දී නොමැති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරමාදර්ශී නායකයා ලෙස පත් කිරීම සදහා වන යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි. ඒ බව සනාථ කරමින් හිටපු ජනාධිපතිවරයාද මීරිගමදී ප්‍රකාශ කළේ පොහොට්ටුවේ නායකත්වය වෙනස් විය යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පත් කිරීමට සැලසුම් කර ඇති බවද අනාවරණය වේ.

ජාතික සංවිධායක තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබාදීමට නියමිතව ඇති අතර සෙසු තනතුරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් තරුණ මන්ත්‍රීවරුන්ට ලබාදීමටද සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *