පොහොට්ටුව ගෝඨාභයට පස්ස හරවයි – පොහොට්ටු පක්ෂ මහලේකම්ගෙන් හෙළිදරව්වක්

  • By editor
  • July 22, 2023
  • 0
  • 54 Views

හිටපු ජනපති ගෝඨාභය පවසන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ව්‍යාපාරික අරමුදලක් නැතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කර තිබේ.

පසුගිය වසරේ අරගල කාලයේ දී ජනාධිපති මැදුරේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදලක් අරගල කරුවන් විසින් සොයාගන්නා ලදී.

පසුව ඒ පිළිබඳ පැවති නඩු කටයුතුවලට අදාලව එම මුදල් පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලෙන් ලැබුණු බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට ප්‍රකාශයක් ලබා දී තිබුණි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ඔහු මෙම අදහස් පළකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *