පොහොට්ටුව දැඩි තීරණයක් ගන්න හදයි

  • By editor
  • October 26, 2023
  • 0
  • 149 Views

ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තම පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නේද නැද්ද යන්න පිලිබද තීරණයක් ගැනීමට පොහොට්ටු පක්ෂය සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කරන අය වැය යෝජනාවලියෙන් පසු මේ පිළිබඳව රැස්වී තීන්දුවක් ගැනීමට පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය දී පැවති විශේෂ සාකච්ඡාවකදී යෝජනා වී ඇත.

බොහෝදුරට මේ ආකාරයෙන් සාකච්ඡාවක් සිදු වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකල අමාත්‍යධූර වෙනස් කිරීම නිසා බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *