එජාප සභාපති පාලිත රංගේ බණ්ඩාර ඇතුළු අයගේ කටේ සැර මේ වනවිට වැඩිවී ඇති බවත් ඒ සැර වැඩිකලක් නොපවතිනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සදහන් කරයි.
පාලිත රංගේ විසින් පසුගිය දිනක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට පාරේ බැස යාමට හෝ අවස්ථාව ලැබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් බොහෝසෙයින් කෘතඥ විය යුතු බවත් කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් සනත් නිශාන්ත මේ බව සදහන් කර තිබේ.
වැඩි දුරටත් අදහස් දැක් වූ සනත් නිශාන්ත සදහන් කළේ
“මේ පාරෙ යන කුඩුකාරයින්ටයි රස්තියාදුකාරයින්ටයි බයේ අපි නම් හැංගිලා හිටියෙත් නෑ, හැංගිලා ඉන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ නිසා ඔය රංගේ බණ්ඩාරලා බලපුවාම … අපේ ඡන්දෙන් අතිගරු ජනාධිපතිතුමා පත්වුණාට පස්සේ එයාලාගෙ කටේ සැර වැඩිවෙලා තියෙනවා. ඔය සැර එච්චර කල් තියෙන්නෙ නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ දිස්ත්‍රික් නායකයින් – ඒ ජනවරම ගන්න මහන්සි වෙච්ච මැති ඇමතිවරුන් ඉන්නේ ඒ හදපු ආණ්ඩුවේ අගුපිළිකන්නේ නම්, එහෙම ආණ්ඩුවක් තුළ තවදුරටත් අපට ඉන්න වුවමනාවක් නැහැයි කියන එක පැහැදිලිවම කියන්න ඕනෙ”