පොහොට්ටු කාර්යාලයේ අදෘශ්‍යමාන බලවේග නිසා පිරිත් දේශනයක්

  • By editor
  • October 20, 2023
  • 0
  • 94 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලයේ දැනට සති කිහිපයක සිට ඇතිවී තිබෙන විවිධ දෝෂ සහ වස් දොස් මගහැරී යාම සඳහා සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ලබන මස 3 වන සිකුරාදා රාත්‍රියේ මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙය පක්ෂ සංවත්සරය නිමිති කරගෙන පවත්වන බවට පෙන්වා දුන්නද එහි සැබෑ හේතුව පක්ෂ කාර්යාලයේ මේ දිනවල ඇතිවී තිබෙන අදුශ්‍යමාන බලවේග පහව යාම බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *