පොහොට්ටු මන්ත්‍රීලාට ආණ්ඩුවෙන් වරායෙන් මධු සාදයක්.  සතිය අනාවරණය

  • By editor
  • January 10, 2024
  • 0
  • 113 Views

අද දිනයේ පොදුජන පෙරමුණ නියෝජනය කරනා මන්ත්‍රීවරු පනස් දෙනෙකුට සුවිශේෂී නාවික සංචාරයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර විසින් සංවිධනය කර ඇති මේ සංචාරය නාවික යාත්‍රා දෙකක් යොදාගෙන ඇත. 

වරාය අධිකාරිය සතු හංසකාවා සහ දිය කොවුලා නම් යාත්‍රා දෙක මේ සඳහා යොදාගෙන ඇති අතර එක යාත්‍රාවකට මන්ත්‍රීවරුන් 25 බැගින් වන පරිදි සචාරය සැළසුම් කර තිබුනි.  මෙම සංචාරය නාවික යාත්‍රා දෙකක් තුළ පවත්වන සාදයක් විලස සැලසුම්කර තිබූ අතර ආහාර පාන වාරාය අධිකාරිය මගින් සපයා ඇති බව දැනගන්නට තිබේ.  මන්ත්‍රීවඑඋන්ගෙ සාදය සඳහා සැන්විචස් බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි වැනිදේ සහ මත්පැන් පානය අඳහා යොදාගන්නා කුඩා වීදුරු, හැඳි ගෑරුප්පු ඇතුළු අයිතම රැසක් සපයන ලෙස වරාය රාජ්‍ය අමාත්‍යවරයා සිය පෞද්ගලික ලේකම් සොනාලි ජයසේකර මගින් වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත. සාදය සඳහා අවශ්‍ය මත්පැන් මන්ත්‍රිවරුන් විසින් ගෙන ආ බවද දැනගන්නට තිබේ 

මෙම සංචාර සඳහා යොදාගෙන ඇති හංසකාවා සහ දිය කොවුලා යාත්‍රා දෙක මගී යාත්‍රා නොවන බවත්, සාමාන්‍ය වශයෙන් එම යාත්‍රා වරායට පිරෙනා වැලි ඉවත්කරනා යාත්‍රා බවත් වරාය සේවකයෝ පවසති. දිගු කලක් කාර්ය මණ්ඩල හිඟය නිසා භාවිත නොකර තිබූ මෙම  යාත්‍රා දෙකා යළි සේවයට එක් කළේ මෑතක බව ඕවුහු පවසති. වරායේ පැවැත්මට අත්‍යාවශ්‍යවන මෙම යාත්‍රා දෙක මන්ත්‍රීවරුන්ගේ විනෝදය පිණිස යොදාගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි කාරණවක් බව ඕවුහු අප වාර්තාකරු හා පැවසූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *