ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස එම පක්ෂ නායකයන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
අපේක්ෂකයන් සම්බන්ධයෙන් දැන් සිටම අදහස් පළ කිරීම ගැටලුකාරී වීම මත මෙම තීරණය ගෙන තිබේ.
පසුගිය දිනවල ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විවිධ අදහස් පළ කරමින් සිටීම හේතුවෙන් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් ද හටගෙන තිබුණි.