පොහොට්ටු මන්ත්‍රීවරුන් සනසන්න පටන් අරන්

  • By editor
  • July 9, 2023
  • 0
  • 132 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු සහ වෙනත් වරප්‍රසාද  ලබාදීමට  රජය තීරණය කර ඇතැයි  වාර්තා වේ.

එම සියලුම මන්ත්‍රීවරුන් ඇමැති ධූර බලාපොරොත්තුවෙන් සිටින අය වීම ද විශේෂත්වයකි. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පවුලේ සාමාජිකයන්ට එවැනි තනතුරු සහ වාහන දැනටමත්  පිරිනමා ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අලුතින් ඇමැතිධුර ලබාදීම ප්‍රමාද වෙමින් තිබෙන තත්වය යටතේ  එම මන්ත්‍රීවරුන් කිසියම් ආකාරයකට  සැනසීම  සහ ඔවුන් රජයට  එරෙහිව කටයුතු කිරීම වැළැක්වීමේ  අරමුණෙන්  මෙම පියවර ගෙන ඇතැයිද  ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *