කඩිනමින් පොහොර මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් කැදවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට උපදෙස් දී තිබියදී එය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරීන් දෙදෙනා වහාම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
මහ කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී මාස තුනක් ගත වූවත් ඒ සම්බන්ධව කටයුතු කරන වගකිව යුතු නිලධාරීන් දෙදෙනා යුරියා ටෙන්ඩර් කැඳවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැතිබව අනාවරණය වී තිබේ.
මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ යුරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින බවද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යුරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබූ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.