බටහිරට විරුද්ධ වූ මහාචාර්ය නලින්ද සිල්වා ඇමරිකාවේ පදිංචියට

  • By editor
  • February 7, 2024
  • 0
  • 179 Views

බටහිර සියල්ල ප්‍රතික්ෂේප කරමින් බටහිරට එරෙහිව දැඩි මතයක් දැරු මෑත කාලේ ලංකාවේ සිටි අධිරාජ්‍ය විරෝධී ප්‍රධානම සිංහල බෞද්ධ න්‍යායාචාර්යවරයා වූ මහාචාර්ය නලීන් ද සිල්වා දිවියේ සැදෑ සමය ගත කරන්න ඇමරිකාවේ පදිංචියට ගොස් තිබෙන බව වාර්තා වේ.

විශිෂ්ට ගණිත මහාචාර්යවරයකු වුවද ඔහු සිය විෂයට වඩා බටහිරට එරෙහි හා සිංහල බෞද්ධ මතය විශ්ව විද්‍යලයේ ඉගැන්වුයේ බටහිර විද්‍යාව වැඩක් නැති බව කියමිනි .මේ හේතුනෙන් ඔහු එජප පාලන සමයේ වැඩ තහනමට ලක් විය

අසූව දශකයේ චින්තන පර්ෂදය ඇරැඹූ ඔහු විශ්ව විද්‍යාල සිසුන් රැසක් සිය සිංහල බෞද්ධ මතවාදයට නම්මා ගැනීමට සමත් වු න්‍යායාචාර්යවරයකි. පාඨලී චම්පික රණවක ,ගෙවිඳු කුමාරණතුංග,දිලිත් ජයවීර,අනූප පැස්කුවල්,කරූ පරණවිතාන,වරුණි අමුණුගම ඇතුළු මෙකල දේශපාලන හා ව්‍යාපාරික කේෂ්ත්‍රයේ ප්‍රකට චරිත රැසක් සිය සරසවි අධ්‍යන කාලයේ මහාචාර්ය නලීන් ද සිල්වාගේ අනුගාමිකයෝ වුහ. පසු කලක ගුණදාස අමරසේකරද වැලඳ ගත්තේ නලීන් ද සිල්වාගේ මතයය. දිවයින පුවත්පතේ න්‍යායාචාර්යවයකු ලෙසද ප්‍රකටව සිටි ඔහු ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසු මියැන්මාරයේ ශ්‍රි ලංකා තානාපති ලෙසද රාජකාරි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *