බදු බඩු අඩු කරන්න මහින්දගෙන් නිවේදනයක් 

  • By editor
  • December 20, 2023
  • 0
  • 54 Views

මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත.

බදු බර අඩු කිරීම මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එසේම අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයාද එම පක්ෂයේ ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් බවයි.

එමෙන්ම පසුගිය වසර ගණනාව මුලුල්ලේ, රාජපක්ෂ නාමය සමඟ යන්තම් හෝ ගෑවී තිබුණ සෑම දෙයකටම කිසිදු වගවිභාගයකින් හෝ කරුණු සොයා බැලීමකින් තොර විරෝධයක් ගොඩ නැගීම අරමුණු කරගත් ඉතා මැනවින් සංවිධානය කරණු ලැබූ ප්‍රචාරක ව්‍යාපාරයක් බවත් හෙතෙම සදහන් කර තිබේ.

තවද අඩුවෙන් බදු අය කිරීමේ මුලු සංකල්පයම කළු කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩු තම ගජමිතුරන්ට උදව් කිරීමට බදු අඩු කළ බවට චෝදනාවක් ජනගත කළ බවත් එය සම්පූර්ණ මුසාවක් බව ත් ඔහු එම නිවේදනය මගින් පෙන්වාදී ඇත.

එම නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *