දුම්රිය සේවය අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
දුම්රිය වර්ජන හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාව සහ වර්ජනයට සහයෝගය නොදක්වන සාමාන්‍ය දුම්රිය සේවකයන් වෙනුවෙන් මෙම පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.
දුම්රිය වහලය මත නැගී පැමිණි තරුණයකු දුම්රියෙන් ඇද වැටී මිය ගියේ දුම්රිය ත්‍රස්තවාදය නිසා බවත් එහි වගකීම විරෝධතාකරුවන් විසින් භාරගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
අද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මෙසේ අනීතිකව හැසිරෙමින් සිටින්නේ දුම්රිය සේවකයන්ගෙන් සුළු පිරිසක් බවයි.