බන්ධනාගාර ධාරිතාව ඉක්මවයි

  • By editor
  • June 15, 2023
  • 0
  • 89 Views

මෙරට බන්ධනාගාර තුළ ධාරිතාව මේ වනවිට 259%ක් බව ත් ඇතැම් බන්ධනාගාරවල මෙම අගය 300% – 400% දක්වා ඉහළ ගොස් ඇති බව ත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සදහන් කරයි.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුවේදී) ඔහු මේ බව හෙළි කළේ ය.

බන්ධනාගාර තුළ රැඳවූවන් 11,762ක සංඛ්‍යාවක් සඳහා පමණක් ඉඩකඩ පැවැතිය ද මේ වන විට 26,791ක ප්‍රමාණයක් බන්ධනාගාරගතව සිටින බව ද මෙහිදී වාර්තා විය.

ඉන් බහුතරයක් මත්ද්‍රව්‍ය් සම්බන්ධ වැරදි කරුවන් බවට වැඩිදුරටත් වාර්තා විය.

එසේම 1,309ක පිරිසක් දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින පිරිස බව ද මෙහිදී අනාවරණය විය.

මේ වන විට මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බව ද සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *