බම්බලපිටිය වෙඩි තැබීම සුරාබදු නිලධාරීන්ගේ වැඩක් – හේතුව මෙන්න

  • By editor
  • August 7, 2023
  • 0
  • 141 Views

බම්බලපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අදාල මෝටර් රථයට වෙඩිතබා ඇත්තේ එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින සැකයෙන් බවට හෙළි වී තිබේ.

බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරය එල්ලවීමත් සමඟ එම නිලධාරීන් පැමිණි වෑන් රථය සහ මෝටර් රථය එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *