බස් ගාස්තු ඉහළ දාන්න ජනපති සමග සාකච්ඡාවක් 

  • By editor
  • December 14, 2023
  • 0
  • 72 Views

රජය විසින් වැට් බද්ද ඉහල දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එම සාකච්ඡාවෙන් පසුව ජනවාරි මාසයේදී බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි.

ඊට හේතුව වැට් බද්ධ ඉහළ දැමීමත් සමඟ බස් රථවල මිල ගණන් මෙන්ම අමතර කොටස් මිලද ඉහළ යෑම බව ද හෙතෙම පෙන්වා දේ.

එමෙන්ම ඉන්ධන මිල සේවා ගාස්තු සියල්ලම ඉහළ යන යන නිසා පවතින ගාස්තු යටතේ සේවාව සිදු කිරීම අපහසු බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *