බස් ගාස්තු වැඩි වෙයිද

  • By editor
  • October 2, 2023
  • 0
  • 193 Views

ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් අවම වශයෙන් 5% ක ප්‍රතිශතයකින් පෞද්ගලික බස්ගාස්තු ද ඉහළ දැමීය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පැවසුවේය.

නමුත් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් වැඩිවුවත් බස් ගාස්තු සංශෝධනයක් කිරීමට එය ප්‍රමාණවත් නොවන බවත් බස් ගාස්තු වැඩිකිරීමටනම් ඩීසල් මිල 4%කින් ඉහළ යා යුතු බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ද ඉහළ දැමීමට පියවර ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *