බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වැරදි කළොත් දඩුවම හිමිකරුටත් එක්කම – අමතන්න දුරකථන අංකයකුත්

  • By editor
  • September 19, 2023
  • 0
  • 124 Views

මගී ප්‍රවාහන බස්‍ රථ අතරමග නතර කරගෙන සිටින්නේ නම්, ඉතා සෙමින් ධාවනය කරන්නේ නම්, අනතුරුදායක ලෙස ධාවනය කරන්නේ නම්, ගාස්තු වැඩිපුර අය කරන්නේ නම්, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන්නේ නම් සහ රියදුරු හෝ කොන්දොස්තර වැරදි ක්‍රියාවක යෙදෙන්නේ නම් එම අවස්ථාවේදීම පැමිණිලි ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මහජන පැමිණිලි 0112 860860 අංකයට හෝ 0760 45 08 60 යන දුරකථන අංකයට ද ඇමතීමෙන් මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකිය

බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් පෞද්ගලික බස් රථවල මගින් දැනුවත් කිරීමට දුරකථන අංක සහිත ස්ටිකර් හඳුන්වාදීම සභාපති ප්‍රසන්න සංජීවගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ,

“මහජන පැමිණිලි එන්න එන්නම වැඩි වුණා.. ප්‍රවාහන සේවය ලබා දෙන බස් රථවලින් විවිධ පැමිණිලි මහජනතාව අප වෙත ලබාදුන්නා. එකෙන් අපේ තිබුණු නියාමන කටයුතු ශක්තිමත් කරලා සක්‍රීය කරලා අද දවසේදී ස්ටිකරයක් නිර්මාණය කරලා අදින් ආරම්භ කරන ඉදිරි සතිය තුළ ඔවුන්ව දැනුවත් කරලා, ඔක්තෝබර් මාසේ 01 වැනිදා වෙනකොට අපි මේ සියලු කටයුතු ශක්තිමත් කරනවා.. සමහරු බීමත්ව රියපදවනවා.. කොන්දොස්තර බීමත්ව රැකියාවේ යෙදෙනවා.. විවිධ විවිධ පැමිණිලි එනවා.. ඒ පැමිණිලිවලට අදාළව අපි කටයුතු කරලා අපි සියලු බස් රථ දැනුවත් කරලා අපි ඔක්කොම එකතු‌ වෙලා මේ කටයුතු ශක්තිමත් කරන්න කටයුතු කරනවා..”

එසේම යම් හෙයකින් රියදුරෙකු හෝ කොන්දොස්තරයෙකු වරදකරු වුවහොත් එම බස් රථවල හිමිකරුවන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බවයි මෙහිදි අනාවරණ කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *