බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නැවතත් ශ්‍රී ලංකා කරළියට

  • By editor
  • September 4, 2023
  • 0
  • 242 Views

ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව හෙට දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව බ්‍රිතාන්‍යයේ ‘ද ටයිම්ස්’ පුවත්පත සඳහන් කර ඇත.

මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ පැවති බව පැවසෙන හමුවක් පිළිබඳ සඳහන් කරමින් මෙම වැඩසටහන සකසා ඇති බව එම පුවත්පතේ වැඩිදුරටත් වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව මෙරට තුළ ප්‍රසිද්ධියට පත්වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව හැඟවෙන මතභේදාත්මක වීඩියෝ පට කිහිපයක් විකාශය කිරීමත් සමඟය.

නැවතත් “චැනල් ෆෝ” නාළිකාව පිළිබඳ කතාබහ ඇතිවන්නේ හෙට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් මතභේදකාරී වීඩියෝපටයක් විකාශය කරන බව නිවේදනය කිරීමත් සමඟ ය.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කලක් කටයුතු කළ, මේ වන විට දිවයිනෙන් පළාගොස් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙක් අදාළ තොරතුරු ලබා දුන් බව එහි සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *