බාල ඖෂධ ගෙන්වූ සමාගම් ලොක්කා රිමාන්ඩ් 

  • By editor
  • November 1, 2023
  • 0
  • 62 Views

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 15 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ඒ සැකකාර සමාගම් හිමිකරු වන  ජානක ප්‍රනාන්දු නැමැති සැකකරු අද කොළඹ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අදාළ ඉන්දීය සමාගම සමඟ සිදුකළ පණිවුඩ හුවමාරුවකින් එම සමාගම කිසිදු ඖෂධයක් ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට අපනයන කර නොමැති බවට අනාවරණය කරගත් බවට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ සඳහා මෙරට සමාගමක් මෙලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව එහිදී අනාවරණය වුණි.

ඒ අනුව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සිට ඉමියුනොග්ලොබියුලින් නැමති එන්නත් කුප්පි ආනයන කිරීමේ චෝදනා මත අදාළ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගත්තේය.

කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරී විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *