මෙරට ඖෂධ සැපයුම් කරුවන් අතුරින් තත්ත්වයෙන් අසමත් වැඩිම ඖෂධ ප්‍රමාණයක් පසුගිය වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයා ඇත්තේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ බෑණාට අයත් සමාගමකින් බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවලගේ දියණියගේ සැමියාට අයත් අදාළ සමාගම පසුගිය වකවානුවේ සැපයුම් කරන ලද ඖෂධවලින් 10% -24% ප්‍රමාණයක් තත්වයෙන් අසමත් බව තහවුරු වී ඇත..
ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධනද අදාළ සමාගම් හිමිකරුගේ ඥාති සොහොයුරෙකු,එමෙන්ම ඔවුන් දෙදෙනා සමකාලීන පාසල් මිතුරන්ය.තවත් පැත්තකින් කාවින්ද හා රාජිත සේනාරත්න දෙදෙනාද ඥාතීන්ය.
මේ දිනවල බාල බෙහෙත් කියා වැඩියෙන්ම කතාකරන කාවින්දට සහ රාජිතට නෑකම් කියන මෙම සමාගම පසුගිය වකවානුවේ සපයන ලද ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත් ඖෂධය.
2015-2022 වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යංශයට ඔවුන් විසින් සපයන ලද ඖෂධ පිළිබඳ සොයා බැලීමේදී මේ බව තහවුරු වේ.
තනි සමාගමක් තත්ත්ව අසමත්වීම් මින් පැහැදිලි වේ
වර්ෂය – සැපයුම් -තත්ත්ව
අසමත්වීම
2015 70 7 – 10.0%
2016 69 8 11.5%
2017 96 6 6.20%
2018 86 13 15.1%
2019 99 14 14.1%
2020 80 19 23.7%
2021 120 23 19.1%
2022 86 10 11.6%
මේ අනුව මෙරටට වැඩිම බාල බෙහෙත් ගෙන්වා ඇත්තේ එම ආයතනය වන අතර ස.ජ.බ යට ඥාති සම්බන්ධකම් කියන එම ආයතනය 2015-2022 දක්වා සනාථ කෙරුණු තත්වයෙන් අසමත් ඖෂධ වලින් 10-24% ප්‍රමාණයක් සපයා ඇති බවට රාජ්‍ය ඖෂධ සංස්ථාව හා වෛද්‍ය සැපයීම් අංශ වාර්තා සනාථ කර ඇත.
මේ දිනවල මාධ්‍ය සංදර්ශන දමමින් ක්‍රියාකරන ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පිටුපස සිටින මෙම දැවැන්ත බලවේගය අසමත් වූ ඖෂධ සැපයුම් සමාගමද යන්න බරපතළ ගැටලුවක් වී පවතින අතර තවත් පැත්තකින් සිය ඥාති සමාගමේ ඖෂධ වෙනුවෙන් අනිසි බලපෑමක් සෞඛ්‍ය බලධාරීන්ට කිරීමේ ඩීල් ව්‍යාපෘතියක ඔහු නියැළෙන්නේද බරපතළ සැකයක් බව ආරංචි මාර්ග සදහන් කරයි.