පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් අද දින නාරම්මල බිහාල්පොල බන්දුල නම් ආයතනයේ බිත්තර තොග සගවා ඇතිද යන්න පිලිබද පරීක්ෂා කිරීමට යාමේදී රාජකාරියට බාධා කරමින් ආයුධ ඇතැතිව පැමින පිරිසක් නිලධාරීන් ට බරපතල ලෙස ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ සම්බන්ධව නාරම්මල පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර අදාල නිලධාරීන් රෝහල් ගත කිරීමට යොමු කර ඇත.
මෙම ආයතනයෙන් සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දිගින් දිගටම පැමිණිලි ලැබී තිබූ අතර ඒ සම්බන්ධව උපාය දූතයෙක් මගින් තහවුරු කර ගැනීමක්ද සිදු කර ඇත.



