බිරිඳට අයුතු බලපෑම් කළ තරුණයාට දුන් අපූරු දඩුවම – ගෙම්බෙක් කටටත් දාලා

  • By editor
  • September 23, 2023
  • 0
  • 156 Views

තම බිරිඳට අයුතු බලපෑම් කළ බව කියමින් 16 හැවිරිදි තරුණයකු පැහැරගෙන ගොස්, ගෙම්බෙකු කට තුළට දමා, ලිංගේන්ද්‍රියට මිරිස්කුඩු දමා කුරිරු වධ හිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වේ.

මේ සිද්ධියට අදාළව ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ප්‍රධාන සැකකරුගේ බිරිඳ ඇතුළු සැකකාරියන් තිදෙනකු එළැඹෙන 04 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කර තිබේ.

මෙහි ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පහර කෑ පුද්ගලයා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *