2024 වර්ෂයේ ජනවාරි මාසයේ ලූම්බිණි සිට කොළඹ දක්වා වන සංදර්ශනාත්මක යතුරුපැදි සවාරියක් පවත්වන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පැවසීය.
බුදු දහමේ දාර්ශනිකත්වය හා සාමූහිකත්වය ලොව පුරා ප්‍රචාරය කිරීමට සහ එහි අග්‍ර ඵලයන් සියලු ජනතාවට ආශිර්වාදයක් ලෙසින් පවත්වන මෙම සංදර්ශනාත්මක යතුරුපැදි සවාරිය තුළින් විශාල අවධානයක් අප රටට යොමුවන අතර ජාතීන් අතර සුහදතාවය සංවර්ධනය කරගැනීම සංස්කෘතික බැදියාවන් වැඩිදියුණු කරගැනීම සඳහා මෙන් ම සංචාරක කේෂේත්‍රය ප්‍රවර්ධනය කරගැනීමට මෙම වැඩසටහන අවස්තාවක් බව ද හෙතෙම පැවසීය.
රෝහණ දිසානායක මහතා මේ බව කියා සිටියේ පැවැත්වීමට නියමිත ලූම්බිණි සිට කොළඹ දක්වා වන සංදර්ශනාත්මක යතුරුපැදි සවාරියේ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, නේපාලයේ ලූම්බිණි, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව දක්වාබුදුන් වැඩි මග ( The Lord Buddha Circuit ) යන තේමාව පෙරදැරිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඉතා විධිමත්ව සැලසුම් කිරීම තමාගේ බලාපොරොත්තුව බවයි.