බෙයාර් පාමා ඖෂධ සමාගමේ ලොක්කා සියදිවි නසා ගනී

  • By editor
  • September 13, 2023
  • 0
  • 138 Views

ප්‍රසිද්ධ ඖෂධ සමාගමක් වන බෙයාර් පාමා පුද්ගලික සමගමේ සාමාන්‍යාධිකාරීවරයා මුහුදට පැන සිය දිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.

අන්තිම කැමති පත්‍රයකින් බිරියට සහ දරුවන්ට සිය දේපළ ලියා මොරටුව එගොඩඋයන ප්‍රදේශයට පැමිණි ඔහු මෙලෙස සිය දිවි නසාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් තුසිත කුමාර නමැත්තෙකි.

මොහු පෙරේදා (11) රාත්‍රී සිය ආයතනයේ සිට නිවසට පැමිණ ඔහුගේ නමට තිබෙන දේපල බිරිය සහ දරු දෙදෙනාට බෙදී යන ආකාරය අන්තිම කැමති පත්‍රයක සඳහන් කර , පැළඳ සිටි රන් ආභරණද ගලවා ලබාදී , අනතුරුව මුදල් පසුම්බියේ තිබූ මුදල් ද ලබා දී මට මැරෙන්න හිතිලා කියා පවසා ඇති බව ඔහුගේ බිරිඳ සදහන් කර තිබේ.

කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පුතුව පාසලට ඇරලවා ඔහු සේවය කරන සමාගමට අයත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් එගොඩ උයන ප්‍රදේශයේ ජයන්ති මාවත අසලට පැමිණ මෝටර් රථය නවතා මද වේලාවක් ඒ මේ අත ඇවිදිමින් සිට අනතුරුව මුහුදු වෙරළ දෙසට ගොස් වැටකෙයියා ගාල අසල ඇඳ සිටි ඇඳුම් උනා තබා මුහුදට පැන ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *