බෙලිඅත්තේ අපේ ජනබලවේග නායකට වෙඩි තිබ්බේ මෝල් අසංක – ප්‍රධාන සැකකරුගෙන් තොරතුරු රැසක් එළියට

  • By editor
  • January 25, 2024
  • 0
  • 104 Views

පසුගිය දා බෙලිඅත්ත ප්‍රදේශයේ සිදු වූ ඝාතනයන් සිදු කර ඇත්තේ T56 ගිනි අවි භාවිතා කිරීමෙන් බවත් යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළෙක් වන මල්ලව ලංකා හේවාගේ ඉන්දික අසංක කුමාර නොහොත් මෝල් අසංක ලෙස ප්‍රසිද්ධියට පත් සැකකරු මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇති බවත් හෙළිදරව් වී තිබේ.

එසේම මොහු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අත්‍යාවශයව සිටි පළපුරුදු වෙඩික්කරුවෙක් බවත්, කෙසෙල්වත්ත දිනුක, ගනේමුල්ල සංජීව, කොස්ගොඩ ජුජී ඇතුළු පාතාල කල්ලි නායකයින් කිහිපදෙනෙකුගේම කුළී වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ

මත්කුඩු සම්බන්ධ ගැටුමක් මුල් කරගනිමින් මෙම වෙඩි තැබීම කොස්ගොඩ සුජිගේ උපදෙස් මත බුස්සේ හර්ෂ විසින් විදේශයක සිට මෙහෙයවා ඇති බවට මේ වන විට කරුණු අනාවරණකරගෙන තිබේ.

කෙසෙවෙතත් මේ සම්බන්ධයෙන් කණ්ඩායම් 6ක් යටතේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය වෙඩිතැබීමට අදාළව සැකකරුවෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමන් කුමාර නමැති එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි වෙඩික්කරුවන් පැමිණි පැජරෝ වර්ගයේ ජීප් රථය ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ නවතා තිබියදී අද පෙරවරුවේ සොයා ගැණුනි.

සමන් පෙරේරා ඇතුළු පස්දෙනා ඝාතනය කිරීමෙන් පසු එම ඝාතකයින් රැගත් ජීප් රථය බෙලිඅත්ත හක්මන හරහා කඹුරුපිටියට මෙන්ම අකුරැස්සට ද පැමිණ තිබු අතර, අකුරැස්ස බංගම ප්‍රදේශයේ හා යක්කලමුල්ල ප්‍රදේශවලද සැරිසරා ඇති බවට මේ වන විට කරන ලද විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබේ.

මේ අතර, අත්අඩංගුවට පත් සමන් කුමාර නමැති සැකකරුගේ අකුරැස්ස මලිදුව ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් පරික්ෂාවට ලක් කෙරුණි.

එහිදි ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය එම නිවස ආසන්නයේදි සොදා ඇති අතර, එහි තිබි වීදුරු කටු කිහිපයක් ද සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *