බෙලිඅත්ත ඝාතන වලට තවත් දෙදෙනෙක් අල්ලයි

  • By editor
  • January 26, 2024
  • 0
  • 96 Views

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගයින් දෙදෙනා හෙරොයින් සමග ගාල්ල වංචාවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්වී ඇත.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මෙම වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්වුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් සහ 35ක් වන පුද්ගලයින් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 09යි  මිලි ග්‍රෑම් 300 ක්, යතුරුපැදියක්, ජංගම දුරකථන 03ක් සහ උල් පිහියක් තිබී සොයාගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානයට භාරදී ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *