බොරු පොලිසියට රැවටෙන්න එපා – පොලිසියෙන් ජනතාවට පණිවුඩයක්

  • By editor
  • September 14, 2023
  • 0
  • 151 Views

පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ ව පෙනී සිටින පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලිසිය විසින් මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් පුද්ගලයන්ගේ ගමන් මලු, වාහන, නිවාස, යතුරුපැදි ආදිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය යැයි පවසමින් දේපොළ කොල්ල කෑමේ සිද්ධි ගණනාවක් වාර්තා වී ඇති බව ද පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් ඒකකයන්හි නිලධාරින් හැර අන් කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරින් විසින් එසේ සිවිල් ඇඳුමින් පරීක්ෂා කිරීම් සිදු නොකරන බව පොලිසිය අවධාරණය කර ඇත.

එම විශේෂ අංශයන්හි නිලධාරින් විසින් ‍යම් පරීක්ෂාවක් කරනවා නම්, ඔවුන් සිය නිල හැඳුනුම්පත ඉදිරිපත් කරන බවත් ඕනෑම අයකුට එය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් පොලිසිය සිය නිවේදනය හරහා දැනුම්වත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *