බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිගේ රෙස්ටුරන්ට්හි බලපත්‍ර රහිත මත්පැන් තොගයක්

  • By editor
  • June 26, 2023
  • 0
  • 271 Views

බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපති ජගත් සුමතිපාලට අයත් ග්‍රේට් වෝල් රෙස්ටුරන්ට් හි හදිසියේ සිදුකළ වැටලීමකදී බලපත්‍ර රහිතව විකිණීමට තිබූ විදේශීය මත්පැන් තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ජගත් සුමතිපාල යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාලගේ සහෝදරයා ය.

කොළඔ ධර්මපාල මාවත, අංක 117 පිහිටි මෙම රෙස්ටුරන්ට් හි බලපත්‍ර නොමැතිව පරිබෝගිකයින්ට අලෙවි කිරීමට තිබූ බැලන්ටයින් බෝතල් 44ක්‌, බ්‍රැන්ඩි බෝතල් 09ක්‌, වෝල් ක්ලිප්ස් බෝතල් 12ක්‌, එනසි බෝතල් 11ක්‌, කොළඔ මධ්‍යම කොට්ඨාශ අපරාධ පරීක්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මෙහි කළමනාකරු ලෙස සේවය කළ මාලිංගම් සුදාහරන් නැමැත්තා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *