භූකම්පාවක් – 300ක් ජීවිතක්ෂයට

  • By editor
  • September 9, 2023
  • 0
  • 256 Views

රික්ටර් පරිමාණ ඒකක 7.2ක ප‍්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් මොරොක්කෝවේ හයි ඇට්ලස් කඳුකරයෙහි ඇති වී තිබේ.

මෙම ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර ගොඩනැගිලි ද කඩාවැටී තිබේ.

තත්පර 20ක පමණ කාලයක් මෙම භූමි කම්පාව පැවතී ඇති අතර බියපත් වූ මිනිසුන් ගොඩනැගිලි වලින් එළියට  දිවගොස්  තිබේ.

මොරොක්කෝවේ මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් ඔබ්බෙන් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම කම්පනය ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූමිකම්පාවෙන් al-Haouz, Marrakesh, Ouarzazate, Azilal, Chichaoua සහ Taroudant යන පළාත්වලට බලපෑම් එල්ල වී තිබේ.

ඇට්ලස් කඳුකරයේ ඇති වූ භූ කම්පනය කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි රබාත් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා සහ එසවුරා වෙත ද දැනී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *