මගුලකදී සෙල්ෆියකට කොටුවූ මෛත්‍රී

  • By editor
  • March 24, 2023
  • 0
  • 180 Views

කොළඹ තරුපහේ හෝටලයකදී පැවති විවාහ මංගල උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරුණ තරුණියන් පිරිසක් විසින් කොටු කරගැනීමේ පුවතක් වාර්තා වෙයි. ඒ සෙල්ෆි ගැනීම සදහායි.

විවාහ මංගල උත්සවයකට සහභාගීවීමට සහභාගීවූවන්ගෙන් බහුතරයක් සෙල්ෆි ගැනීම සදහා හිටපු ජනාධිපතිවරයා ළගට පැමිණි අතර ඔහුද ඉතා උනන්දුවෙන් සෙල්ෆි ගැනීමට දායකවී ඇත.

හිටපු නාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවකගේ දියණියගේ විවාහ මංගල උත්සවයේදී මෙම තත්වය දක්නට ලැබුණි. හිටපු ජනාධිපතිවරයාට අමතරව සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක වැනි දේශපාලඥයින්ද මෙයට එක්ව සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලින් ඉවත් කළ මහින්ද අමරවීර ඇමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මිතුරන් සේ කතා කළ අතර වී අස්වැන්න ගැනද කතා කර ඇත. දකුණේ වී අස්වැන්න හොද බව කී ඇමැතිවරයාට හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ පොලොන්නරුවේ වී අස්වැන්න මදි බවය.

ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉදිරි ගමන් මග පිළිබදවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *