මත්පැන් වල මිල පහත හෙළීමට කිසිදු අදහසක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
එමෙන්ම මත්පැන් මිල පහත බසින බවට ඊයේ මාධ්‍යයේ පලවු අදහස කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් හෙතෙම සදහන් කළේය.
නිත්‍යානුකූල මත්පැන් අලවිය පහල යාම හා නීතිවිරෝධී මත්පැන් අලවිය ඉහල යාම සම්බන්දයෙන් විකල්ප සොයනවා හැරෙන්නට වෙනත් කිසිදු අදහසක් නොමැති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
