මන්ත්‍රීවරු රක්ෂණය කරන්නට මහජන මුදලින් මිලියන හැටක්.

  • By editor
  • November 3, 2023
  • 0
  • 59 Views

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙසීය විසි පස් දෙනා සඳහා ලබාදෙන රක්ෂණය රුපියල් මිලියනය දක්වා ඉහළ දැමීමත් සමග ඒ වෙනුවෙන් වැය වන මුදල රුපියල් මිලියන 60 ඉක්මවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට අවසර ලබාදී ඇත්තේ පසුගිය මැයි මස 15 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි. මේ සදහා වාර්ශිකව වැය වන රුපියල් මිලියන 60 ක මුදල ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත අය වැය මගින් වෙන් කිරීමටද සැලසුම් කර තිබේ.

මෙවැනි ඉහළ මුදලක් වැය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වයස් සීමා වෙනස්වීම මත අය කරනු ලබන වාරික වටිනාකම වෙනස්වීම සහ සමාජ ආරක්ෂණ බද්ද හා එකතු කළ අගය මත බද්දේ සිදුවූ සංශෝධන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. අගෝස්තු මස 20 වැනි දින සිට මෙම රක්ෂණය ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *