මන්ත්‍රී නිවාසයක් රුපියල් දාහයි

  • By editor
  • August 28, 2023
  • 0
  • 131 Views

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවසක මාසික කුලිය වශයෙන් අයකරනු ලබන්නේ රුපියල් 1000ක මුදලක් ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.

එම කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් සදහන් කරන්නේ දැනට වසර 30ක පමණ සිට මෙම ගාස්තුව අය කරනු ලබන බවයි.

මෙම කාලය තුළ කුලී ගාස්තුව කිසිදු සංශෝධනයක් කිරීමට කටයුතු කර නැති බවද වාර්තාවේ දැක්වෙයි.

කෙසෙවෙතත් නිල නිවාස වල ජල විදුලි හා දුරකථන බිල්පත් සඳහා තැන්පතු අය කරනු ලබන්නේ ද රුපියල් 1000ක මුදලද කාලීනව සංශෝධනය කිරීමට කටයුතු කර නොතිබූ බවද එම වාර්තාව පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *