මනුෂ්‍ය ඝාතන කළ සැකකරුවන්ට නවාතැන් දුන් බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට

  • By editor
  • September 20, 2023
  • 0
  • 147 Views

මනුෂ්‍ය ඝාතන දෙකක සැකකරුවන් තිදෙනෙකුට නවාතැන් පහසුකම් දුන් බව කියන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙක්ව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිවස තුළ තිබී ගමන් බෑගයක්, කළු පැහැති සපත්තු යුගලයක්, නිල් පැහැති තුවායක්, සුදු පැහැති කොට කලිසමක්, තොප්පියක්, ජංගම දුරකථනයක්, යතුරුපැදියක යතුරක් හා හැඳුනුම්පතක් හමු වී ඇත.

2023 ජූලි 14 වනදා ගලපිටමඩ, දුනුමාල ප්‍රදේශයේදී රථයකින් ගමන් කරමින් සිටි වේරගොඩ ආරච්චිලාගේ සරත් වේරගොඩ යන අය, ටී56 ගිනිඅවියකින් වෙඩිතබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැදවීම සම්බන්ධයෙන් මෙම මස 2 වනදා වරකාපොළ නියඳුරුපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චතුවා නැමැති සැකකරුව රඳවාගැනීමේ නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බන්ධනාගාර නිලධාරියාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඊට අමතරව මෙම වසරේ මැයි මස 20 වනදා වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට යතුරුපැදිය පැදවූ  “වනාතේ චුට්ටං” යන සැකකරුට හා මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර නොගත් තවත් පුද්ගලයකුට නවාතැන් පහසුකම් සඳහා මෙම සැකකාර බන්ධනාගාර සැරයන්වරයා ඔහුට අයත් රාජගිරිය, නාවල ඇවිනිව්  හි තෙමහල් නිවසේ තෙවන මහළ  ලබාදී තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *