මමයි දයාසිරියි එකට ”ජොයින්ට්” ගහපු කට්ටිය.

0
196

ශ්‍රී ලංකාවේ මිනිසුන් කංසා ගැන නොදන්නා බවත්, කංසා යනු වෙනමම ආර්ථිකයක් බවත් ආචාර්ය වසන්ත සේන වැලිඅංගේ පවසයි.

කංසා යනු ත්‍රී රෝද රියදුරන් පමණක් පානය දෙයක් ලෙස ඇතමුන් සිතූවත්, කංසා පානය කර සැත්කම් කරනා වෛද්‍යවරුන්,මෙන්ම අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන්ද සිටිනා බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම භික්ෂූන්වහන්සේලා සමගද තමා කංසා පානය කර අති බවත් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යකුව සිටි අවදියේ පාර්මිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සමග ”ජොයින්ට්” ගසා ඇති බවත් ලංකාවේ කංසා නීති ගත කළ යුතු බවත් ඔහු පැවසීය.

කංසා ආශ්‍රයෙන්, ඖෂධීය තෙල්, නූල්, කඩදාසි ආදී නිෂ්පාදන රැසක් කළ හැකි බවත් ශ්‍රී ලාංකිකයන් ඒවා ගැන නොදැන සිටීම නිසා මේ ආකාරයෙන් විරුද්ධවන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එම සාකච්චාව පහතින් නරඹන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here